මේ නිසා ගැටලු රැසක් මතුව ඇති බවයි, සෆාරි ජීප් රථ රියදුරන් පෙන්වා දෙන්නේ. සංචාරකයින් විශාල පිරිසක් උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණිම නිසා තදබදයක් ඇතිවී තිබේ. එක් ප්‍රවේශ දොරටුවක් පමණක් තිබීමෙන් සෆාරි ජීප් රථවලට දිගු වේලාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම විශාල ගැටලුවක් වී ඇත.
ප්‍රවේශ පත්රයකට රුපියල් 5,000කට අධික මුදලක් අය කරන බව, සංචාරක මඟ පෙන්වන්නන් පවසයි. සංචාරකයින්ගේ පැමිණිම වර්ධනය වීමෙන් ජීප්රථ රියදුරන්ට හා ප්‍රදේශවාසීන්ට ආර්ථික ප්රතිලාභ රැසක් හිමිව තිබේ. නමුත් පහසුකම් නොමැති වීමෙන් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, අසතුටින් පිටව යන බව මඟ පෙන්වන්නන් පවසයි.