අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළව හදිසි නීති රෙගුලාසි යෝජනාව වැඩි ඡන්ද 81 කින් සම්මතයි...

සැප් 06, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පසුගිය 30 වැනිදා පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසිවලට අද (06) පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා.

     

    ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී පක්‍ෂව ඡන්ද 132 ක් ලැබුනු අතර,  විපක්‍ෂව ලැබුනේ ඡන්ද 51 ක් පමණයි. ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක ආඥා පණතේ දෙවැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළව මෙම හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවේ. ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමත් සමග එම රෙගුලාසි මසක කාලයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

    Latest News