එන්නත් දෙකම ගත් පිරිස 6,464,296 දක්වා ඉහළට

අගෝ 27, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 64,64296 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එමෙන්ම, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා වන ජංගම එන්නත්කරණ වැඩසටහන් අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත් ලබාදීම සිදු කෙරේ.

    කොව්ඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා එක්කෝටි අසූ හත් ලක්ෂ 19,417ක් ලබා දී තිබේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 6,577 දෙනෙකු ලබාගෙන තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 508ක්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 24,194 දෙනෙකු හා එහි දෙවැනි මාත්‍රාව දෙලක්ෂ 54,794 දෙනෙකු ඊයේ ලබාගෙන තිබේ.
    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 3,020ක්. එහි දෙවැනි මාත්‍රාව 45,470 දෙනෙකු ලබාගෙන ඇත. මොඩර්නා එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 49,520ක්.

    ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව දහතුන් ලක්ෂ 55,240ක්. එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 84,091ක් ඊයේ ලබා දී තිබේ.

    Latest News