මිනිස් ජාවාරමෙන් ධීවර කර්මාන්තය අර්බුදයක

පෙබ 13, 2019

    මිනිස් ජාවාරමට ධීවර බෝට්ටු යොදාගැනීමෙන් බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ අවධානයට ලක්ව තිබේ.

    බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්, ධීවර කාර්මිකයින් සහ අමාත්‍යවරයා අතර අද සාකච්ජාවක් පැවැත්විණ. මිනිස් ජාවාරම රටට මෙන්ම සමස්ථ ධීවර කර්මාන්තයට විශාල ගැටළු මතුකරන බව සාකච්ජාවට එක්වූ බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් කියා සිටියේය. එය රටට විශාල අපකීර්තියක් ගෙන දෙන්නක් බව ද ඔවුහු පැවසුහ. බුද්ධි අංශ සහ ආරක්‍ෂක මුරකාවල් මග හැර මිනිස් ජාවාරම බාධාවකින් තොරව ක්‍රියාත්මකවීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි ඔවුන් කියා සිටියේය. මේ අනුව රජය මැදිහත්වී මෙම ජාවාරම පාලනය කරන ලෙස ඉල්ලා සිටි.

    ඉතා බරපතල තත්වයක් බැවින් නීතිපති ඇතුළු වගකිවයුතු සියළු පාර්ශව සමග කඩිනමින් සාකච්ජා කර ස්ථිර විසදුමක් ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය. වත්මන් තත්වය පාලනය කිරීමට අවශ්‍ය දැඩි දඩුවම් පැමිණවීමට මෙන්ම නව නීති ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙස කටයුතු කරන බව ඔහු කියා සිටියේය. 

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 16:54

    Latest News