DIG නාලක, අමල් සහ මධුෂ් අතර සම්බන්ධතාවක් (වීඩියෝ)

පෙබ 13, 2019

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ ජනප්‍රිය ගායක අමල් පෙරේරා සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දි තිබේ.

    එය කුමන අන්දමේ සබඳතාවක්ද යන්න ජාත්‍යන්තර පොලීසිය හරහා සාකච්ඡා කර විමර්ෂන පවත්වමින් සිටින බව කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කියා සිටියේය.

    ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කලේය.

    පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවේ.
    පසුගිය සමයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඔවුන් සමඟ සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය. ඊට සම්බන්ධ ක්‍රියා මාරග මේ වන විට ගනිමින් පවතින බවත් දැනුම් දුනී.

    ජනප්‍රිය ගායක අමල් පෙරේරා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු වීමට 2016 වසරේ ජුලි මස 21 වනදා ඔහුගේ කාර්යාලයට පැමිණ තිබේ. අමල් පෙරේරා විසින් නියෝජ්‍ය පොලිස්පත හමුවිමේ කරනව ඒම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා විසින් විමසිමක් කර ඇත. ඉන් කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඔහුට එරෙහිව විනය පරීක්ෂනයක් සිදුකර පුහුණුවකට අනුයුක්ත කර, දඩුවම් රාජකාරි පැනවීම සහ ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරිම යන දඩුවම් තුනක් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කියා සිටියේය.

    මේ අනුව නාලක සිල්වා මහතා සමග අමල් පෙරේරා දැඩි සබඳතාවක් තිබීම පිළිබඳව කරුණු හෙලිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානරය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාකඳුරේ මධුෂ් සමග ඇති සබඳතාව පිළිබඳ විමර්ෂන සිදු කරන බව අධිකරණයට කියා සිටියේය.

    ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අත්ුඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතික මර්සිලි තෝමස් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්සිත බන්ධනාගාගර ගත කෙරිණ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 15:48

    Latest News