දෙවැනි කුඹල් පෙරහර වීථී සංචාරය කෙරේ

අගෝ 14, 2021

    මහනුවර ඇසළ මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර මේ වන විට වීථී සංචාරය කරයි. සධාතුක කරඩුව රැගත් මංගල හස්ති රාජයා ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩින් සඳගල මතට පා තැබුවේ පස්වරු 7.15ට යෙදුණු සුභ මොහොතින්.

    පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර පෙරහර ජන සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන්නේ,දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනූවයි.

    අද දෙවැනි කුඹල් පෙරහරේ කරඩුව වැඩම කරවනු ලබන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා විසින්. ශ්‍රී දළදා මාළිගාවේ බුරුම රාජා සහ කැළණිය රජමහා විහාරයට අයත් කණ්ඩුල හස්තියා දෑලේ ගමන් කරයි.

    කණ්ඩුල හස්තියා දළදා පෙරහරේ දෑලේ ඇතෙකු ලෙස ගමන් කරන්නේ, පළමු වරටයි. අද පෙරහර දළදා වීදිය,ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි.

    Latest News