දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට බලපෑ තද සුළං හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී තිබේ.

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් සහ පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වයේ තරමක අඩු වීමක් ජුලි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා හා දිවයින අවට ප්‍රදේශවල සුළඟේ වේගය අද දිනයේ දී වැඩි විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News