කොවිඩ්-19 ආසාදිත මරණ 118ක්

අගෝ 11, 2021

    දෙවැනි දිනටත් දෛනික කොවිඩ් මරණ ගණන 100 ඉක්මවූ අගයක් ඊයේ වාර්තා විය.

    එනම් කොවිඩ් මරණ 118ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

    මෙම මරණ ඊයේ (09) දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස් ඇත.

    ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 79 දෙනෙකුද සිටි.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 101 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ කළ නිවේදනයේ සඳහන් වේ.

    Last modified on බදාදා, 11 අගෝස්තු 2021 08:02

    Latest News