අද වැසි තත්වයේ වැඩිවීමක්

අගෝ 11, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යමස සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සෙසු ප්‍රදේශවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 - 50 පමණ දක්වා වැඩි වේ.

    ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකිය. ඒ මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News