ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවේ තවත් භට පිරිසක් විසිර යති (වීඩියෝ)

ජූලි 29, 2021
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට අයත් නිකවැව, ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පුහුණුව ලද සෙබල පිරිසක් ඊයේ විසිර ගියා.



    විසිර යාමේ පෙළපාලිය පැවැත්වුණේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

    මෙම විසිර යාමට සමගාමීව එම පුහුණු පාසැලේ නවතමයෙන් ඉදිවන මූලස්ථාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම, නව නගරබද සටන් පුහුණු ප්‍රදේශය පුහුණුව සඳහා විවෘත කිරීම සහ නව මීටර් 200 වෙඩිපිටිය පුහුණුව සදහා විවෘත කිරීම යුද්ධ හමුදාධිපතිතුමන් අතින් සිදුකරනු ලැබීය.

    වසර 25 ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාව වර්තමානයේ යුද්ධ හමුදාපතිතුමන්ගේ අතිරේක ප්‍රහාරක සේනාංකය වන 53 වන සේනාංකයට අනියුක්තව ස්ථාපනය කර ඇත.

    මෙම සුවිශේෂී අවස්ථාව සදහා ආරක්ෂක සේනා (කිලිනොච්චිය ) ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඇතුළු ආඥාපති වරුන්, සේනාංකාධිපති වරුන් සහ බලසේනාධිපතිවරුන් මෙන්ම ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාශ් සංජය සහ ගුවන් සංක්‍රමික බලසේනා පුහුණු පාසැලේ සේනාවිධායක ලුතිනන් කර්නල් රමේශ් මංගල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද සහභාගි වන ලදී .

    Last modified on බ්‍රහස්පතින්දා, 29 ජූලි 2021 14:17

    Latest News