ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1‍,940 දෙනෙක්

ජූලි 29, 2021

    ඊයේ (28) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 1‍,940 දෙනෙකු හඳුනාගත්තා.

    ඉන් 596 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් වරක් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයෙන් 382 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 122 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙකු ලෙස ඊයේ දිස්ත්‍රික්ක 5ක දෛනික ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණි.

    ආසාදිතයින්ගෙන් 21 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 1,919 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් වාර්තා වී තිබේ.

    මාසයකට අධික කාලයකට පසුව දිනක් තුළ මෙරටින් හදුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ දිනයේ වාර්තා වීම විශේෂත්වයකි.

    එමෙන්ම පූර්ණ සුවය ලැබූ 1,499ක් ඊයේ රෝහලෙන් ගියේ පිටව ගියා. 27 වෙනිදා සිදුවූ පුද්ගල මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

    Latest News