රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝ. 09 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

ජූලි 26, 2021

    16 හැවිරිදි දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අගෝස්තු 9 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

    රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා, සොහොයුරා හා තැරැව්කරු ද රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. දැරියගේ සිරුර යළි ගොඩ ගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයකින් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

    Latest News