අද සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් රථ ප්‍රමාණයක් ධාවනයට

ජූලි 14, 2021

    අද (14) සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට ප්‍රවාහන අංශ තීරණය කර තිබේ.


    අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් පමණක් මෙම ප්‍රවාහන සේවා සැපයෙන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    පළාත් අතර දුම්රිය සේවාවන් අද දිනයේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා අදහස් පල කළේය.

    අද (14) සිට අත්‍යවශ්‍ය කාර්යාල සේවකයින් ප්‍රවාහනය සඳහා අතිරේක දුම්රිය ගමන් වාර 14 ක් ධාවනය කෙරෙන බව වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

    Latest News