ප්‍රදේශ කිහිපයකට අද 100mm ඉක්මවු වැසි

ජූලි 09, 2021

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැක.

    උතුරු පළාතේ ද තැනින් තැන වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 දක්වා වන තද සුළං ඇති වේ.

    උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී 50 දක්වා තද සුළං ඇති විය හැකිය.

    Latest News