කොළඹට හෙට පැය 21ක ජල කප්පාදුවක්

ජූලි 09, 2021

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට හෙට (10) පෙරවරු 09.00 සිට අනිද්දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව, කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    එමෙන්ම, කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    Latest News