ගුවන් හමුදා සත්ව රෝහල විවෘත කෙරේ

ජූලි 08, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ 08, ගුවන්පුර කඳවුරු පරිශ්‍රයේ ස්ථාපනය කළ “ස්කයි පෙට්“ සත්ව රෝහල පසුගියදා විවෘත කෙරිණ.

    ඒ, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන්. සුනඛයන් හා බළලුන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් නවීන තාක්‍ෂණයෙන් යුතුව එම රෝහල ඉදිකර තිබේ.

    ත්‍රිවිධ හමුදාව සතු එකම සත්ව රෝහල මෙයයි. ගුවන් හමුදා අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු සඳහා මෙන්ම, ජාත්‍යන්තර ගුවන් තොටුපලවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් සුනඛ ඒකකයේ සත්කාර සේවා මෙම රෝහලේ දී මූලිකව සිදු කිරීමට නියමිතයි.

    ජනතාවට තම සුරතලුන් සඳහා ඉතා සහනදායී මිලකට මෙහි සේවාව ලබාගත හැක.
    011-3144447 හා 011-2495800 යන දු රකතන අංක ඇමතීමෙන් ඒ පිළිබඳව විමසිය හැකි බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

    Latest News