උද්ඝෝෂණ හා පොදු රැස්වීම් තහනම් කෙරේ

ජූලි 06, 2021

    මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

    පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවයි,පොලිස් මූලස්ථානය නිවේදනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    ඒ අනූව එම නිරෝධායන නියෝගවලට අදාළව පොලීසිය ක්‍රියාකරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    police

    Latest News