මාලිගාවිල බුදු පිළිමයට යළි පණ දුන් ඉංජිනේරුවා දිවියට සමුදෙයි

ජූලි 03, 2021

    විද්වතෙකු,වාස්තු විද්‍යාඥයෙකු,වරළත් ඉංජිනේරුවරයෙකු වූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා අද අභාවප්‍රාප්ත විය. ඔහු පසුවූයේ 78 වැනි වියේ.

    මාලිගාවිල බුදු පිළිමය,තිස්සමහාරාමය හා මිරිසවැටිය දාගැබ්,තිවංක පිළිමය සහ ගල්විහාර ප්‍රතිමා වහන්සේ සුරක්ෂිත කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ, ආචාර්ය ගැමුණු සිල්වා මහතායි.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ආරම්භයේ සිට සේවය කළ ඔහු එහි සාමාන්‍යාධිකාරී හා සභාපති ලෙස ද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ද පුරා විද්‍යා උපදේශක සභා සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

    ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථකයෙක්. 

    Latest News