තේ නැවත වගාවට ලබා දෙන සහනාධාර මුදල ඉහළ දැමීමට අනුමැතිය

අප්‍රේ 06, 2021

    තේ නැවත වගාව සඳහා ලබා දෙන සහනාධාර මුදල හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 4 සිට ලක්ෂ 5 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    2019 වසරේ මෙරට මුළු තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 300ක්. ඉන් 75%ක් වන කිලෝග්‍රෑම් මිලියන 225ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා තේ වතු අංශය විසින්.

    තේ නැවත වගාවෙන් අදායම් ඉපැයීමට වසර 4ක් ගත වන අතර ඊට වැය වන මුදල ද අධිකයි.

    මේ නිසා නැවත වගාව සහ අලුත් වගාව සඳහා වන උනන්දුව අඩු වී තිබේ. මේ තත්වය අවම කිරීමටයි,තේ නැවත වගා සහනාධාරය හෙක්ටයාරයකට ලක්ෂ 4 සිට ලක්ෂ 5 දක්වා වැඩි කෙරෙන්නේ.

    2025 වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 360ක නිෂ්පාදන ඉලක්කයක් සපුරා ගැනිම රජයේ අරමුණයි.

    Latest News