කංච බෙල්ලන් තොගයක් පුත්තලමේ දී අත්අඩංගුවට

ජන 07, 2019

    බලපත්‍රයක් නොමැතිව අජීවී කංච බෙල්ලන් ප්‍රවාහණය කළ දෙදෙනකු එම ලොරිය සමග අත් අඩංගුවට ගෙන තිබේ.

    කල්පිටිය ප්‍රදේශයේ සිට හෙට්ටිපොල දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම බෙල්ලන් තොගය පාලවිය ප්‍රදේශයේදී පුත්තලම පොලිස් දිසා වැටලීම් අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.


    බෙල්ලන් තොගය රු 18,000/=කට මිලදී ගෙන පොහොර උර 150 ක පමණ අසුරා තිබිණ. මෙම බෙල්ලන් කුඩු කර කකුල් කෑම සඳහා යොදා ගන්නා බව සැකකරුවන් පොලීසියට පවසා ඇත. මෙම බෙල්ලන් අතර, විවිධ පරිමාණයේ හක් සමාන බෙල්ලන්ද තිබූ බව මූලික විමර්ෂණවලදී ආණාවර්ණය වී ඇත.

    බෙල්ලන් තොගය හා සැකකරුවන් පුත්තලම පොලීස් භාරයට ගෙන සිද්ධිය පිළිබදව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි. සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News