පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්

ජූනි 25, 2021

    කැලණිය, බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ රුපියල් මිලියන 15ක් වටිනා කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කරති.

    උන්වහන්සේ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම උපකරණ සංකේතාත්මකව භාරදුන්හ.

    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News