මෙරට එකලස් වාහන, ජාත්‍යන්තරයට හඳුන්වාදී දෙනවා; රාජ්‍ය අමාත්‍ය දිලුම්

ජූනි 25, 2021

    මෙරට එකලස් කෙරෙන වාහන, ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    දේශීය වශයෙන් වාහන එකලස් කෙරෙන පොල්ගහවෙල මයික්‍රෝ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නියැලෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියේය. පොල්ගහවෙල අපනයන ආයෝජන කලාපයේ පිහිටි මයික්‍රෝ ආයතනය තුළ මේ වනවිට සුඛෝපභෝගී මෝටර් හා ජීප් රථ මෙන්ම, වෑන් සහ බස් රථ ද එකලස් කෙරේ.

    මෙම ආයතනයේ නවතම සැහැල්ලු මෝටර් රථයක් ද නිර්මාණය කෙරෙමින් පවතින අතර, වාහන එකලස් කිරීමට අවශ්‍ය ඇතැම් අමතර කොටස් එහි නිෂ්පාදනයට ද පියවර ගෙන තිබේ. ඕනෑම රටක නිෂ්පාදනය කෙරෙන සුඛෝපභෝගි වාහන සමඟ තරග කළ හැකි වාහන මෙහි නිපදවීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා පවසයි.

    Latest News