ශ්‍රී ලංකාවට ආසන්නයේ තවත් නෞකාවක ගින්නක් (වීඩියෝ)

ජූනි 25, 2021
  • ශ්‍රී ලංකාවට ආසන්නයේ බහාලුම් ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව නාවික හමුදා ව පවසනවා.

    කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් මෙම නෞකාව
    මහ රාවණා ප්‍රදීපාගාරයේ සිට නැගෙනහිර දෙසට වන්නට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේ දී මෙම නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවට යි වාර්තා වන්නේ. එය අද අලුයම දැනුම් දී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

    නෞකාව ගින්න නිසා එහි ඉන්ජින් බලය අහිමි වී මුහුදේ පාවෙමින් ඇති බව සදහන් වේ.

    මෙම නෞකාවේ බාහලුම් ධාරිතාවය 4750ක් වන අතර එය මීටර් 300ක් දිගින් සහ මීටර් 37.1ක් පළලින් යුක්ත වනවා. මෙම නෞකාව 1995දී සේවයට එක් කර ඇති වසර 26ක් පැරණි නෞකාවකි.

    පෙරේදා උදෑසන කොළඹ වරායෙන් ගමන් අරබා සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටින අතරතුර දී නෞකාව මෙම අනතුරට ලක් වී තිබේ.

    මෙම නෞකාව යාත්‍රා කරමින් තිබෙන මුහුදු කලාපය ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමේ කලාපයට අයත් බැවින් අදාළ අංශ සියල්ලම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

    Last modified on සිකුරාදා, 25 ජූනි 2021 20:14

    Latest News