පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවර පාසැල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සඳහා විදුහල්පතිගේ නිර්දේශය හෝ අත්සන අවශ්‍ය වන්නේ නැහැ.
ඒ අනූව මෙවර අයදුම්පත්‍ර කැදවන්නේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පමණයි.
එමෙන්ම සාමාන්‍ය පොදු පරීක්ෂණය සදහා ලකුණු 30ට වඩා අඩු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට එම විෂය සදහා ද නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි.