තවත් ආසාදිතයින් 2327ක්...මරණ 55ක්

ජූනි 19, 2021

    මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් ගණන දෙලක්ෂ 35,413 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,327 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.

    කෙසේ වෙතත්, එම පිරිසෙන් එක් ලක්ෂ 97,259 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

    ඒ අනූව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 35,729 දෙනෙකු පමණයි.

    මේ අතර, ඊයේ දිනයේ කොරෝනා මරණ 55ක් මෙරටදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. පිරිමි පුද්ගලයින් 32නෙකු සහ කාන්තාවන් 23 දෙනෙකු එම පිරිසට අයත්.

    Latest News