නිරෝධායන නීතිකැඩූ 1,411 දෙනෙකු අත්අඩංගුවට

ජූනි 16, 2021

    ගත වූ පැය 24 තුළදී නිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 1,411 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුගිය වසරේ මාර්තු 18 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය වන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    පසුගිය ඔක්තොම්බර් 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 35,360 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    Latest News