රටතුළ පවතින කොවිඩ් අවධානම හමුවේ සංචරන සීමාපැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය.

අක්ෂි සායනවලට පැමිණීමට හා ඖෂධ ලබා ගැනීම සදහා විමසීමට - 0112 693 911 අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට - 0113 618 678

Latest News