ඊයේ කොරෝනා ආසාදිතයන් 3000 සීමාව ඉක්මවයි

ජූනි 04, 2021

    ගතවූ පැය 24 තුළද අඛණ්ඩව දෙවන දිනට මෙරට දෛනික ආසාදිතයින් 3000 සීමාව පසුකර ගොස් තිබේ.

    ඒ අනූව ඊයේ දිනයේ ආසාදිතයන් 3,297 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.

    මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 195,844 ක්. ඉන් 162,397 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31,839 ක්.

    ඊයේ දිනයේ කොරෝනා මරණ 42ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,608 දක්වා ඉහළ ගියේය.

    Last modified on සිකුරාදා, 04 ජූනි 2021 09:27

    Latest News