දික්ඔය නගරසභා සීමාවෙන් කොවිඩ් අසාදිතයන් 30ක්

මැයි 28, 2021

    හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ (27) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 30 දෙනෙකු හදුනාගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පවසයි.

    හැටන් දික්ඔය නගර සභා සිමාව යටතේ පාලනය වන ආරියගම,ගාමිණිපුර,දික්ඔය සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් මෙම අසාදිතයන් 30 දෙනා හදුනාගෙන තිබේ.

    අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    අසාදිතයන් 30 දෙනා පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු නිසා ඔහුන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව හදුනාගත් බවත්, අසාදිතයන් 30 දෙනා අතර, හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු සහ හැටන් ප්‍රදේශයේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

    Latest News