බන්දුල, විමල් ඇතුළු 12ක් සෝපානයක සිරවේ

පෙබ 07, 2019

    අද(07) උදෑසන පාර්ලිමේන්තු විදුලි සෝපානය මන්ත්‍රීවරු 12 දෙනක් සමග අතරමග සිරවී ඇත.

    එය මිනිත්තු 25ක් පමණ සිරවී ඇති අතර ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වසන්ත අලුවිහාරේ සහ තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු 11ක් එහි සිට ඇත. විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම සම්බන්ධව හදිසි දැනුම් දීම් සිදුකළත් කිසිදු නිලධාරියෙක් ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

    මේ සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකතුමාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට කතානායකතුමාගේ අවධානය යොමුවිය. ඒ අනුව විදුලි සෝපානය යාවත්කාලීන කිරීමට හෝ අලුත් විදුලි සෝපානයක් සවි කිරීම පිළිබඳ සොය බලන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කරන බව කතානායකතුමා දන්වා ඇත. එම අලුත්වැඩියාවන් කඩිනමින් සිදුකරන ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අදහස් පළ කළේය.

    මේ අතර දිවයිනම ආවරණය වන පරිදි විදුලි සෝපානවල තාක්ෂණික ඇගයීම් පිලිබඳ යෝජනාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ගෙන එන බව අමාත්‍ය රවී කරුණානායක පැවසීය. ඒ අනුව දිවයින පුරා පිහිටි විදුලි සෝපාන පරීක්ෂා කිරීම හා යාවත්කාලීන කිරීම සිදුවනු ඇත. ඒ අනුව පරීක්ෂා කළ විදුලි සෝපාන යන්ත්‍රයන්ගේ තත්ත්ව පිළිබඳ සහතිකයක් ඒ සෝපානයේ ප්‍රදර්ශනයට පියවර ගැනේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 13:11

    Latest News