කළුතර හිටපු සභාපතිට අවු.20ක සිරදඬුවමක් (විඩියෝ)

පෙබ 07, 2019

    රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 5 ක සිර දඬුවම් නියම කළේය.

     කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කරනු ලැබුවා. ඊට අමතරව රුපියල් ලක්ෂ 30ක දණ්ඩනයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු විසින් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝගයක් කරනු ලැබීය.
     
    2012 වසරේ ජුලි මස 8 වනදා  කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමකට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මස  27 වනදා එම මුදල ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකාර ප්‍රාදේශීය  සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබිණ. 
     
    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.
     
    ඒ අනුව   චෝදනා හතරකට විත්තිකරු වරදකරු කරමින් එක් චෝදනාවකට වසර පහ බැගින්  වසර 20ක සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යා යුතු බවට ද නියෝග කළේය.
     

    2018 වසරේ පැවති පළාත් පාලන ඡන්දයෙන් කළතර ප්‍රාදේශී සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර  වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන කළුතර ප්‍රාදේශීය සභාවට පත්ව සිටී.  

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 20:00

    Latest News