නෞකාව ශ්‍රී ලංකාවට යාත්‍රා කිරීමට පෙර, කටාර් සහ ඉන්දියාවේ වරායන්හි මෙහෙයුම් සිදුකර ඇතැයි රජය පවසයි

මැයි 28, 2021

    ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ශ්‍රී ලංකාවට යාත්‍රා කිරීමට පෙර, කටාර් සහ ඉන්දියාවේ වරායන්හි මෙහෙයුම් සිදුකර ඇතැයි රජය කියා සිටී.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කෙරුණේ, කොළඹ වරායට ද බහාලුම් 513ක් ගොඩබෑමට නියමිතව තිබූ බවයි.

    නාරා ආයතනයේ පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක් සාගර පරිසර පද්ධතිය හා මත්ස්‍ය ජීවීන් පිලිබඳ අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    මේ අතර, නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ බලපෑමට ලක්වූ වත්තල, උස්වැටකෙයියාව, පමුණුගම, දික්ඕවිට ආදි ගම්මානවල ධීවර පවුල් 1,200ක් පමණ සිය ජීවිකාව කරගත නොහැකි ගැටලුවකට මුහුණ පා ඇතැයි වාර්තාවේ.

    ගිනිගත් නෞකාවේ සුන්බුන් මාරවිල සිට හලාවත දක්වා වෙරළ තීරයට ගොඩගසා ඇද්දැයි සොයා බැලීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් අනුයුක්ත කර තිබේ.

    Latest News