සජිත්ගේ ඊළඟ ඉලක්කය

පෙබ 07, 2019

    මෙම වසර අවසන්වීමට ප‍්‍රථම තවත් නව ආදර්ශ ගම්මාන 727 ක ඉදිකිරිම් කටයුතු සිදුකිරිමට නියමිත වන අතර, ඒ අනුව ගතවු සිව් වසර ඇතුලත ඉදිවන සමස්ථ ආදර්ශ ගම්මාන ප‍්‍රමාණය 2500 ක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    2015 වසරේ සිට ශ‍්‍රී ලාංකික ජන සමාජයේ සියලූ ජනකොටස් සඳහා නිවාස හා ජනාවාස පහසුකම් සැපයීම උදෙසා පුළුල් ජාතික නිවාස වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරේ.

    80 දශකයෙන් ආරම්භ වු උදාගම් ව්‍යාපාරය මෙයට සම්බන්ධ වු වැඩපිළිවෙල වන බවත් ඒ යටතේ දශක තුනකට අධික කාලයක් ජන සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුනු උදාගම් ව්‍යාපාරය යටතේ නිවාස ලක්ෂය, නිවාස දසලක්ෂය සහ නිවාස පහලොස් ලක්ෂය වැඩ සටහන් ක‍්‍රියාත්මක බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උදාර සන්කල්පයකට අනුව එතුමාගේ මෙහෙයවීමෙන් 2015 වසරේ සිට ඊයේ ( පෙබ: 06 ) වනවිට දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 1773 ක ඉදිකිරිම් කටයුතු ආරම්භකර තිබේ.

    එමෙන්ම මෙම ගම්මාන අතුරින් ගම්මාන 161 ක් නිවාසලාභීන්ගේ අයිතියට පත්කොට ඇත. මෙම ගම්මාන උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඇතුලූ දිවයිනේ සියළු ප‍්‍රදේශ ආවරණය වන වෙමින් ඉදිවෙමින් පවති.

    සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන, ආදර්ශ ගම්මාන ක‍්‍රියාවලියේ එක් වැඩසටහනක් පමණි. විසිරි නිවාස ණය වකුගඩු රෝගීන් සඳහා වු නිවාස වැඩසටහන, ආධාර නිවාස වැඩසටහන, රණවිරුවන් සඳහා වු නිවාස වැඩපිලිවෙළ, රාජ්‍ය බැංකු දායකත්ව නිවාස වැඩපිලිවෙල වැනි නිිවාස සංවර්ධන වැඩසටහන් සමගින් පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මධ්‍ය ආදායම්ලාභීන් සඳහා ද නිවාස වැඩපිලිවෙල ක‍්‍රියාත්මකවේ.

    මේ යටතේ ගතවු සිව් වසරක කාලය තුළ පවුල් ලක්ෂ 03 කට අධික ප‍්‍රමාණයකට රුපියල් මිලියන 50,000 කට ආසන්න රාජ්‍ය මූල්‍ය ආයෝජනයකින් මෙම ජාතික නිවාස වැඩසටහන ක‍්‍රියාවට නංවා තිබේ.

    Latest News