'ස්පුට්නික් වී' එන්නත් මාත්‍රා 50,000ක් දිවයිනට

මැයි 28, 2021

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000ක් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය.

    අප වාර්තාකරු සඳහන් කළේ,එන්නත් තොගය රාත්‍රී10.50ට ඩුබායි සිට පැමිණි ඊ කේ 2528 දරන භාණ්ඩ ප්‍රවාහන යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබූ බවයි.

    රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් 15,000ක් මුල්වරට මෙරටට ගෙන්වනු ලැබුවේ පසුගිය 4 වැනි දිනයි. ඊයේ රාත්‍රී මෙලෙස රැගෙන එන ලද්දේ, ස්පුට්නික් වී එන්නතේ දෙවැනි තොගයයි.

    එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ අධි ශීතකරණ පහසුකම් සහිත ට්‍රග් රථ මගින් කොළඹ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත පසුව රැගෙන යනු ලැබීය.

    Latest News