සංචරණ තහනම පැවතියද, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව....

මැයි 22, 2021

    මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ තහනම තදින් ක්‍රියාත්මක බව, පොලිසිය පවසයි.

    එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා ද, බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවස්ථාව සළසා තිබේ. සංචරණ තහනම ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පාරිභෝක භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

    එම කාලය තුළ ඖෂධ සැල් හැර අනෙකුත් සියලුම වෙළෙසල් වසා තැබීමට ද නියමිතයි. එමෙන්ම, දුමිරිය හෝ පොදු ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක නොවේ. හුදකලා කර නොමැති ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමට ධීවරයන්ට අවස්ථාව හිමිවේ. එමෙන්ම, මත්ස්‍ය තොග ජංගම වෙළෙඳ රථ මගින් හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට බෙදාහැරීමට ද පියවර ගෙන තිබේ.

    මත්ස්‍ය තොග වෙළෙඳසැල් පමණක් විවෘත කිරීමට අවසර හිමිවේ. ධීවර වරායවල පිහිටි මත්ස්‍ය වෙළෙඳසල්ද පවත්වාගෙන යා හැකිය. සංචරණ තහනම උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද, විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

    Latest News