කොවිඩ්-19; ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අඛණ්ඩව

මැයි 22, 2021

    කොවිඩි-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    22,617 දෙනෙකුට ඊයේ එම එන්නත් ලබාදී තිබේ. ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදුන් පිරිසට 6497ක් ඇතුළත්.

    ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් සමස්ත පිරිස තුන් ලක්‍ෂ 27 දහස් 196ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 16,120ක්. එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පිරිසට පන් ලක්‍ෂ 1493ක් අයත්.

    Latest News