මහජන බැංකුවේ “සාරභූමි“ ණය යෝජනා ක්‍රමය

මැයි 16, 2021

    වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයවීම සඳහා මහජන බැංකුව “සාරභූමි“ නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

    පොහොර, පළිබෝධ නාශක සහ වල් නාශක දේශීයව නිෂ්පාදනය දිරිමත් කිරීම එහි අරමුණයි. මේ යටතේ සහනදායි පොලී අනුපාත මත ආයෝජන සඳහා උපරිම වසර 10ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ද, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර 3ක ආපසු ගෙවීමේ කාලයක් ද හිමිවේ.

    සාරභූමි ණය මුදලට සුදුසුකම් ලැබීමට පොහොර නිෂ්පාදකයින් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අදාළ සහතිකය ලබාගත යුතු අතර, පළිබෝධ නාශක හා වල් නාශක නිෂ්පාදකයින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් අදාළ බලපත්‍රය ලබාගත යුතුයි. පොහොර නිෂ්පාදනය පිලිබඳව තාක්‍ෂණික විශේෂඥතාවයක් තිබිය යුතු වේ. එමෙන්ම ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති ආර්ථික හා මූල්‍යමය වශයෙන් ශක්‍යතාවයෙන් යුතු ඒවා විය යුතුයි.

    පොහොර මිලට ගැනීම සඳහා රජය සමඟ ගිවිසුමක් තිබීම ද අනිවාර්ය වේ. ශාඛා 741කින් සමන්විත දිවයින පුරා විසිරි සිය සේවා ජාලයේ ඕනෑම ශාඛාවක් මගින් මෙම ණය සැලසුම්ට අදාළ ණය මුදල් පිරිනැමීමේ පහසුකම් සලසා දීමට මහජන බැංකුව පියවර ගෙන තිබේ.

    මේ පිළිබඳ වැඩි විස්තර 011-2481356 දුරකතන අංකය අමතා ලබාගත හැක.

    Last modified on ඉරිදා, 16 මැයි 2021 19:51

    Latest News