ඊයේ පමණක් 81,550කට කොවිඩ් මර්දන එන්නත

මැයි 16, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඊයේ දිනයේත්, 81,550ක් සඳහා එම එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 12,558 දෙනෙකු සඳහා ලබාදී තිබේ. ඒ අනුව එහි දෙවැනි මාත්‍රාව ලබාගත් සමස්ත සංඛ්‍යාව 265465ක්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 68992ට ලබාදී තිබේ. එම එන්නත ලබාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,48,619ක්.

    Latest News