පෙර තිබුණාට වඩා ස්ථාවර ජාතික ආණ්ඩුවක්..

පෙබ 06, 2019

    ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් පසුගිය වසරවල සැලසුම් කළ සංවර්ධන යෝජනා ක්‍රම අතරමග ඇණහිටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන යටතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පකෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආණ්ඩුවේ බහුතරය සමන්විත වූයේ වෙනත් පක්ෂවල සහයෝගය අනුව බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේ බිහිකරන ජාතික ආණ්ඩුවට ද වෙනත් පක්ෂවල සහයෝගය ලැබෙන බව පෙන්වා දුන්නේය.

    ආණ්ඩුවේ ශක්තිමත්භාවයට පාර්ලිමේන්තුව තුළ එකසිය දහතුනක බහුතරය වැදගත් බව පවසන මහලේකම්වරයා ජනතා ගැටළු විසඳීමට පෙර පැවති ජාතික ආණ්ඩුවට වඩා ස්ථාවර ජාතික ආණ්ඩුවක් ඒ අනුව නිර්මාණය කරන බව ද පැවසීය.

    එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (05) කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 12:33

    Latest News