STF ; "විශේෂ මෙහෙයුම්" නමින් නව ඒකකයක්

මැයි 10, 2021

    ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය දියමත "විශේෂ මෙහෙයුම්" නමින් නව ඒකකයක් පිහිටුවා තිබේ.

    විවිධ ප්‍රදේශවල ජලය ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධි ක්‍රියා මැඩලීම අරමුණයි. නව ඒකකය, විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 16කගෙන් සමන්විතයි. ජලාශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, හොර බඩු ජාවාරම, වනාන්තර විනාශ කිරීම වැනි ක්‍රියා වළක්වා ගැනීම ද මෙහි ප්‍රධාන අරමුණු අතර කිහිපයක්.

    නව ඒකකය සඳහා බෝට්ටු පුහුණුවක් ද ලබාදී ඇති අතර, ඊට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනය සහ ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ සහය ද ලැබී තිබේ. නව ඒකකය විවෘත කෙරුණේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News