අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කෙරේ

මැයි 10, 2021

    රජයේ කාර්යයන් බිඳ වැටීමෙන් තොරව පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් වෙත පැවරෙන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන අවස්ථාවේ දී වුවද, සේවා මුර ක්‍රමයක් හෝ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. ගර්භනී නිලධාරිනියන් සේවයට නොකැඳවීමට පියවර ගත යුතු බව එම අමාත්‍යාංශය අද (10) නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    සේවයට නොකැඳවූ දිනයක වුවද සෑම රජයේ නිලධාරියෙකුම මාර්ග ගත ක්‍රමය ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදීමට සූදානම්ව සිටිය යුතුය. ජනතාව සේවා ස්ථාන වෙත පැමිණිම සීමා කළ යුතු අතර, නිලධාරීන් සේවයේ යෙදවීමේදී සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කළ යුතුවේ.

     

    එම නිවේදනය පහතින්......

    Puli px 900 10 05 21Puli 01

     

     

     

    Last modified on සදුදා, 10 මැයි 2021 19:03

    Latest News