‍පේරාදෙණිය වි.විද්‍යාල විද්‍යාඥයින් නිපදවූ ආරක්‍ෂිත මුහුණු ආවරණ අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට.....

මැයි 06, 2021

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් නිෂ්පාදනය කළ ආරක්‍ෂිත මුහුණු ආවරණයේ කාර්යක්‍ෂමතාව අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.

    මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කරනු ලැබුවේ, මහාචාර්ය ගාමිණි රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් විසින්. ඊට අවශ්‍ය රෙදි නිෂ්පාදනය කෙරෙන්නේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවකයි. අමාත්‍යවරයා එම කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කළේය.

    නව මුහුණු ආවරණය සෞඛ්‍යාරක්‍ෂිත වන බැවින් එය වැඩි වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා කියා සිටියේය. මෙම මුහුණු ආවරණය සඳහා දැනටමත් විශාල ඉල්ලුමක් පවතී.

    Latest News