අනුරාධපුර පුද්ගලික බැංකුවක් අසල වෙඩි තැබීමක්

මැයි 06, 2021

    අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

    එම බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් නියෝජිතයෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ මුදල් තොගය පැහැරගෙන යෑමට උත්සාහ දරා ඇත.

    දෙපාර්ශ්වය අතර පොර බැදීමක් එහිදී සිදුව තිබේ. වෙඩි තැබීමෙන් අයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

    Latest News