ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන සැලැස්මක් (වීඩියෝ)

මැයි 06, 2021
  • ඩ්‍රෝන කැමරා භාවිත කරමින් නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් රථවාහන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.

    ඒ, කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා යි.

    එහි සමාරම්භය නුගේගොඩ දී අද සිදුකෙරුණා. ‍නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන හා ගුවන් හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් ‍කොමඩොර් තුෂාර වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. පොලිස් විශේෂ කාර්ය බලකායද ඊට දායකත්වය ලබාදෙනවා. ජංගම මෙහෙයුම් මැදිරි උපයෝගී කරගනිමින් රථවාහන තදබදය අධික අවස්ථාවල ඩ්‍රෝන කැමරා යොදා ස්ථානයේ නිරීක්ෂණ සිදු කර තදබදය අවම කිරීම සිදු කරනු ඇත.

    නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ අද ආරම්භ කරන වැඩසටහන පාර්ලිමේන්තු මාර්ගය, මීගමුව පාර ඇතුළු ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සිදු කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 මැයි 2021 14:58

    Latest News