දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මැයි 06, 2021

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ඇතිවිය හැක.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    Latest News