කම්කරු කාර්යාලයවලට ‍පැමිණෙන සේවාලාභීන් සීමා කෙරේ

මැයි 03, 2021

    කම්කරු කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයට සහ පළාත්/දිස්ත්‍රික් කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් සීමා කිරීමට තීරණය කර තිබේ.

    පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාවය එම තීරණය ගත් බව කම්කරු කොමසාරි ජනරාල් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ‍, සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් දෙපාර්තමේන්තු වෙඩ් අඩවියට පිවිස ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන තම සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසය.

    ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    0001.jpg

    0002.jpg

     

    Latest News