නීතියට පිටින් ධීවර කටයුතු කරන පිරිස් අත්අඩංගුවට

මැයි 03, 2021

    නීති විරෝධී ලෙස මුලතිව් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නියැළුන පිරිස් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

    ඒ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදෙස් මතයි. ලයිට්කෝස් ක්‍රමයට ධීවර කර්මාන්තයේ නිරත වූ 21 දෙනෙකු සහ බෝට්ටු 18ක් අත්අඩංගුවට ගනු ලැබීය.

    මුලතිව් මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතු සිදු කිරීම නිසා මාළු ගහනය අඩු වන බවට දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කෙරිණ.

    ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ ධීවර අමාත්‍යාංශ අතර පැවති සාකච්ජාවකින් අනතුරුව නීති විරෝධීව ධීවර කටයුතුවල නියැළෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට තීරණය කර තිබේ.

    Latest News