කම්කරු නිළධාරියෙකුට සිරඳඬුවමක්

පෙබ 07, 2019

    කම්කරු නිළධාරියෙකු රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනිමට වැරදිකරු විමෙන් වසර 04 සිරඳඩුවක් කොළඹ මහාධිකරණය විසින් අද පිරිනැමීය.


    2012 වසරේදී, පෞද්ගලික ආයතනක සේවකයින් වෙත අතිකාල දීමනා නොගෙවිමේ සිද්ධියක් යටපත් කිරිමට රුපියල් ලක්ෂයක් ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් කොළඹ කම්කරු කාර්යාලයේ නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පසු ඔහුට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබිණ.

    දිර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ ඉදිරිපත් කර ඇති චෝදනා 04 කට විත්තිකරු වැරදිකරු බවයි. එ අනුව එක් චෝදනාවකට වසර 02 බැගින් වසර 08 ක සිරඳඩුවමක් වසර 04 කින් ගෙවි යන පරිදි දඬුවම් නියම කෙරිණ. එක් චෝදනාවක් වෙනුවෙන් රුපියල් 5000 බැගින් රුපියල් 20000 ක දඩ මුදලක් ද මහාධිකරණය විසින් පැනවීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 16:51

    Latest News