විදුලි බලයට නව තාක්‍ෂණය

පෙබ 03, 2019

    ශ්‍රී ලාංකීය විදුලිබල ක්‍ෂේත්‍රයට නව තාක්‍ෂණය හඳුන්වා දෙන බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සිංගප්පුරුවේ පැවති විදුලිබල පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමු කිරීමේ නවීන ක්‍රමෝපායන් හා සම්බන්ධ විශේෂ සැසියකට සහභාගි වීමෙන් අනතුරුවයි.

    නිවෙස් හා ගොඩනැගිලිවල බලශක්ති කළමනාකරණය, ස්වයංක්‍රීයකරණය, ඩිජිටල් තාක්‍ෂණික ක්‍ර මෝපායන් මගින් සිදු කෙරෙන ආකාරය පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ. ඊට යොදාගන්නා මෘදුකාංග පිළිබඳව ද සැසියේ දී දැනුවත් කෙරිණ.

    ඒ සිංගප්පුරුවේ සුහුරු පරීක්‍ෂණාගාර තුළදී. මධ්‍යස්ථ වෝල්ටීයතාව හා ස්වයංක්‍රීයකරණ පද්ධති තුළින් ඒකාබද්ධ කළ හැකි, කාර්යක්‍ෂමතා විසඳුම් ලබාගැනීමේ ක්‍රමෝපාය පිළිබඳව ද එහිදී කරුණු ඉදිරිපත් විය. මෙරට විදුලිබල ක්‍ෂේත්‍රය නව්‍යකරණයට අවශ්‍ය දැනුම් සම්භාරයක් ඉන් ලබාගත හැකිවූ බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

    දැනට ක්‍ෂේත්‍රයෙහි යොදාගන්නා ක්‍රමෝපායන් නවීකරණයට අවශ්‍ය තාක්‍ෂණය පිළිබඳව ද එහිදී දැනුවත් කර තිබේ.

    Latest News