ශ්‍රී ලංකාවට ඉන්දීය රජයෙන් එන්නත් අඛණ්ඩව

අප්‍රේ 10, 2021

    ශ්‍රී ලංකාවට කොවිඩ් 19 රෝගය පිටු දැකීමේ එන්නත් අඛණ්ඩව ලබාදීම සඳහා පුළුල් සහයෝගිතාවයෙන් ක්‍රියා කරන බව, ඉන්දීය රජය පවසයි.

    මේ වනවිටත් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 1.2ක් ලබා දී ඇති බව, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් සැපයීම පිළිබඳව මාධ්‍ය කළ විමසුමකදී කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා වත්මන් තත්වය පැහැදිළි කළේය.

    ශ්‍රී ලංකාවට ජනවාරි, පෙබරවාරි හා මාර්තු යන මාසවල එන්නත් තොග ලබාදී තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවට කඩිනමින් එන්නත්කරණ වැඩපිළිවෙළ ඇරඹීමට හැකි වූ බව ඔහු කියා සිටියේය. 

    ඉන්දියාව කොරෝනා මර්දන සටනේ අඛණ්ඩව පෙරමුණ ගෙන සිටින බවත්, ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය ඉන්දියාවේ සිදුවන බවත්, ඔහු සඳහන් කරයි. දේශීය ඉල්ලුම හා නිෂ්පාදනයේ පවතින අභියෝග නිසා එන්නත් සැපයුම් වැඩපිළිවෙළේ වෙනස්කම් පැවතිය ද ශ්‍රී ලංකාව ඇතුළු රටවලට එන්නත් සැපයීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන බව, ප්‍රකාශකයා කියා සිටියේය.

    Latest News